Saturday, July 23, 2011

1974 වසරේ සිට ලොව පරිසරයට වෙන් වූ දිනයන් හි ජගත් පරිසර දින තේමාවන් ...............

1974    -    එක් පොළොවක්.
1975    -    මනව ජනාවාස.
1976    -    ජලය ජීවයට අත්‍යවශ්‍ය සම්පතකි.
1977    -    ඕසෝන් වියන පරිසරය කෙරෙහි බලපෑම, බිම් අහොසි වීම
                  සහ කැලෑ විනාශය.
1978    -    විනාශයෙන් තොර දියුණුවක්.
1979    -    අපේ දරුවන්ට එකම අනාගතයක්, විනාශයෙන්
                 තොර සංවර්ධනයක්.
1980    -    අලූත් දශකයට අලූත් අභියොගයක්.
1981    -    භූ ගත ජලය මිනිසාගේ අහාර දාමයේ විෂ සහිත 

                 රසායන සහ පරිසර ආර්ථීකය.
1982    -    ස්ටෝක්හෝම් සැසියෙන් දශකයකට පසු.
1983    -    විනාශකාරී අපද්‍රව්‍ය කළමනාකරණය අහොසිය, අම්ල වැසි
                 සහ බලශක්තිය.
1984    -    කාන්තාරකරණය.
1985    -    තාරුණය ජනගහනය සහ පරිසරය
1986    -    සාමය සදහා ගස් වවමු.
1987    -    පරිසරය සහ වාසස්ථාන, පියස්සකට වැඩි දෙයක්.
1988    -    මිනිසා පරිසරය මුලට ගත් විට සංවර්ධනය අගට යෙදේ
1989    -    පෘථීවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම 

                  අනතුරු ඇගවීමකි.
1990    -    පරිසරය සහ දරුවන්.
1991    -    දේශගුනික විපර්යාසය ගෝලීය එක්සත්

                  බවේ    අවශ්‍යතාවයකි.
1992    -    එකම පෘථීවිය සුරකිමු, ඛෙදා හදාගෙන ජීවත් වෙමු.
1993    -    දිලිදුකම සහ පරිසරයේ විෂම චක්‍රය බිදිමු.
1994    -    එක පවුලක් එක පොළොවක්.
1995    -    ජගත් පරිසරයකට ජනතා දායකත්වය.
1996    -    පොළොව අපේ ජන්ම භූමිය යි, අපේ නිවහන යි.
1997    -    පෘථීවියේ ජිවය සදහා
1998    -    පෘථීවියේ ජිවය සදහා සාගරය සුරකිමු.
1999    -    අපේ පෘථීවිය අපේ අනාගතය යි එය සුරකිමු.
2000    -    පරිසර සහශ්‍රකය යි කි්‍රයාත්මක වීමට කාලය යි.
2001    -    ජීවය උදෙසා අන්තර්ජාලය සමග එක්වෙමු.
2002    -    මිහිතලයේ සොදුරු බව රැකදෙන්න.
2003    -    ජලය ජීවයේ උල්පත යි.
2004    -    මුහුද සහ සාගරය නොනසා රැක ගනිමු.
2005    -    මිහිමඩල සුරකන හරිත පුරවර.
2006    -    වියළි බම් සරු කරමු.
2007    -    අයිස් කදු දිය වීම.
2008    -    හරිතාගාර වායු පිටු දකිමු, කාබන් අවම ආර්ථීකයක් කරා
                  පියනගමු.
2009    -    මිහිමවට ඔබ අවැසිය, දේශගුණික විපර්යාස පිටු දැකීමට
                  පෙළ ගැසෙමු.
2010    -    එක මිහතලයක ජීවයක් පිරුණු අනාගතයක්.
2011    -    වන සම්පත සොබාදහමේ සත්කාරයයි.

Saturday, May 28, 2011

ලංකාවට ආවේණික පළා පොළග...............

මේ සර්පයාගේ විද්‍යාත්මක නම - Trimeresurus trigonocephalus
ඉංග්‍රීසි නම                                   - Sri lanka Green pit viper
    ලංකාවේ සිටින ලස්සනම සර්පයින් අතරින් එකෙක්. තවද ලංකාවේ ගස් මත ජීවත් වන එකම පොළොං විශේෂයද වේ. නිශාචර මෙන්ම දිවාචර හැසිරීම්ද දැකගත හැක. මෙම සර්පයා ගොඩාක් අලස සර්පයෙකි. උදෑසන කාලයේදී ගස් මත අව්ව තපී. කලබල වූ විට ඌ ඉන්නා අත්තේ දගර ගැසී වලිගය කෙලවර සොලවමින් සපා කෑමට තැත් කරයි. කලාතුරකින් පිඹින ශබ්දය නිකුත් කරයි. ශාක මත සිටිමටද, ගමන් කිරීමටද මෙම සර්පයාට අනගි සහයක් දෙන්නේ  පරිග්‍රහී නැට්ටය. තමන් ඉන්නා අත්ත මත නැට්ට ඔතාගෙන එයින් වෙර අරගෙන තමන් යන්න ඕනෙ  දිශාවට තල්ලූ වෙයි, තවද ගොදුරු දැහැගැනීමේදීද නැට්ට අත්ත මත ඔතාගෙන එයින් වෙර අරගෙන ඉදිරියට පැන තම ගොදුර දැහැ ගැනීම සිදු කරයි. පැහැදිලි ගෙලක් තිඛෙන අතර එයින්ද අතු අගිසි වල සිටියදී සමබරතාවය තබා ගැනීමේ හැකියාවක් ඇත.

හදුනා ගන්නේ කෙසේද?
    පෘෂ්ඨීයව දීප්තිමත් කොළ හෝ කහ මිශ්‍ර කොළ පැහැතිය. කලූ පැහැති සලකුණු ඇතැම් විට ශරීරය පුරා දැකිය හැක. තෙත් කලාපයේ හමු වන සර්පයින්ගේ මෙම සලකුණු වඩාත් පැහැදිලිව දිස් වේ. හිස දෙපස ඇස හරහා දිවැනෙ කලූ පැහැති පළල් පටියකි.
වරකට පැටවුන් 05 සිට 25 ක් දමයි උපතේදී මි.මි 200ත් 250ත් අතර වේ. වැඩුනු සතුන් මි.මි 600ත් 700ත් අතර වේ. මෙරරටට ආවේණික විශේෂයක් වේ. ඉතා ඉහල කදුකරයේ සහ අර්ධ ශෂ්ක කලාපයේ හැර අන් පදේශ වල ද තෙත් කලාපයේ ද වඩාත් සුළභව වගා බිම් ආශිතව ද හමු වේ. (මහනුවර, පේරාදෙනිය, ගල්ඔය, සිංරාජය, පුත්තලම, පොලෙන්නරුව හමු වේ)
විෂ -
    මද විෂැතිය. දෂඨන වාර්ථා වී තිබුනද එමගින් මරණ වාර්ථා වී නොමැති අතර දෂ්ඨ කළ ස්ථානය අවට දන කිහිපයක් තුරු දිය පට්ට මතු වීම හා ඉදිමුම, අසිපිය කඩා හැලීම අදාළ ප්‍රදේශයේ වසා ගැටිති ඉදිමීම විනි තත්වයන් වාර්ථා වේ.
ආහාර -
මීයන් ,ගෙම්බන්, කටුස්සන්
මේ සිංහරාජයේදී ලබා ගත් පොටෝ දෙකකි.

ගෙදරදී දකින ගෙයි ගෙම්බා .................

ලංකාවේ සිටින සුළභම ගෙබි විශේෂයක් වන මේ ගෙම්බාගේ විද්‍යාත්මක නම Bufo melanostictus. සිංහලෙන් අපි කියන්නේ ගෙයි ගෙම්බා කියල. සොයාගෙන තියෙන්නෙ 1799 දී Schneieider විසිනි. මෙම ගෙබි විශේෂය මනුෂ්‍ය වාසස්ථාන වල බොහෝ දක්නට ලැබේ.
 
හදුනා ගන්නේ.....
පෘෂ්ඨීයව මධ්‍යමව පිහිටන යුගල් වශයෙන් ඉන්න්ගෙන් සමන් විතයි. ඉන්නන්ගේ තුඩ හරිය කලූ පැහැයෙක් ගන්නා අතර බඩ හරියේ සිටින විශාල ඉන්නන් දුඹුරු හුරු කහ පැහැයක් දරනව. වැඩිහිටි පිරිමි සතුන් රත් පැහැයට හුරුය. උදරය හරිය ලා සුදු වර්ණයේ සිට ලා කහ පැහැය දක්වා විහිදෙනව. සමහර අවස්ථා වලදී දුඹුරු හෝ රතු පැහැය දක්වා වෙනස් වෙනව සමහර සතුන් දුඹුරු පැහැයෙන් පමණක් වර්ණවත් වෙනව. පැටවුන් පෘෂ්ඨීයව දුඹුරු පැහැති.
බෝ වීම කුඹුරු හා කෘථීම ජල තටාක වල කලූ පැහැති බිත්තර ජෙලි ආවරණයක් තුළ වැල් වශයෙන් දමයි ඒවා බොහෝ විට ජලජ ශාක මත තැම්පත් කරයි. ඉන් පසු ඉස්ගෙඩි අවස්ථාවේදී ඌගේ සිරුර කලූ පැහැයට හුරු දුඹුරු පැහැ වන අතර උදරීය පැත්ත ලා අලූ පැහැය දරයි.



Thursday, May 19, 2011

තුරු හාල් දණ්ඩාගේ වග තුග දැනගනිමු ...............

 විද්යාත්මක නම -  Dendrelaphis tristis (Daudin, 1803)
ඉන්ගීි්රසි නම -    Common  Bronze-back


    මේ සර්පයා බොහෝ වෙලාවන් වලදී අපිට හමු වෙනවා. ඒක නිසා අපි මේ සර්පයා ගැනත් දැනගෙන ඉන්න එක හොදයි.
හදුනාගැනීම - හදුනාගන්න හරිම ලේසියි පැහැදිලි ගෙලක් තිඛෙනවා. සිහින් දිගැටි සිලින්ඩරාකාර දේහය. දිගැටිව තරමක් පැතලිව වූ හිස. කෙළවර පළල් වූ තරමක පැතලි වූ වටකුරු හොම්බ. වෘත්තාකාර කණිනිකාවක් සහිත විශාල ඇස් පිහිටනව. මුලූු දිගෙන් 3/1 වූ ග්රාහක වලිගය. බලන්න ඔබට පහතින් පෙනෙන්නෙ මේ තොරතුරු වලට සමාන තුරු හාල් දණ්ඩාය.
ඔබට බලාගන්න පූලුවන් මුගේ වාර්ණය තඹ මිශ්ර වූ දුඹුරු පැහැයක් ගන්නව. සමහර වෙලාවට දම් පැහැයත් දුඹුරු පැහය හො දම් පැහැයේ සිට දුඹුරු පැහැති වර්ණය දක්වා දිවෙන වර්ණ, එවැනි වර්ණ මුගේ ඇගේ දිස් වේ. වර්ණ ඌ ලැගුම් ගන්නා ස්ථානය අනුව වෙනස් වේ කෙසේ වෙතත් ඉහත වර්ණයන් අතර වර්ණයන් මිස වෙනත් වර්ණයන් මුට හිමි නැත. ඇස හරහා දිවෙන තද පැහැති පටික් ඇත.
තුරු හාල් දණ්ඩන්ගේ දිග -     බැලුවොත් එහෙම  උපතේදී මි.මි 150 ක් පමණය. වැඩුණු පසු මි.මි 700 - 900 අතර වේ.
හැසිරීම - දිවාචර වන අතර දිවා මැදියම් කාලයේදී සැරිසරයි. ඉතා කි්රයාශීලී වන අතර බොහෝ අවස්ථා වලදී හිස වනමින් සිටින අවස්ථා දැකිය හැක. තරමක් ප්රකෝපශීලී වන අතර සපා කෑමට තැත් කරයි. කලබල වූ විගසින් තම ශරීරය පුම්බා කොරපොතු අතර නිල් පැහැ සම පෙන්වයි.
බෝවිම -     වරකට බිත්තර 6-8 ත් අතර ප්රමාණයක් දමයි ඒවා තරමක් දිගැටි බිත්තර වේ. බොහෝ වේලාවන්හි ගස් මත තිඛෙන ඛෙන වල හෝ දිරාපත් වන කොල රොඩු යට බිත්තර දමයි.
ආහාර -    පධාන වශයෙන් ගෙම්බන් , හූනන් , කුඩා කටුස්සන්, පක්ෂීන්ගේ බිත්තර අහාරයට ගනියි. ඉතා තියුණු දෘශ්ඨීය හේතුවෙන් ඉතා පහසුවෙන් නොසෙල්වී සිිටින ගොදුරු දැහැගැනීමේ හැකියාවක් ඇත.
විෂ -
    නිර්විෂැතිය නමුත් තුවාල වන සේ සපා කෑමට හැකියාවක් ඇත. සපා කෑවොත් දින 03ක් හෝ 04ක් පමණ කාලයක් ඉදිමීී තිබීමේ හැකියාවක් තිඛෙනව.
හමු වන ප්රදේශ -
    පහතරට සහ මැදරට ප්රදේශ වලද, ගෙවල් ආශිතවද, වනාන්තර වලද හමු වීමට ඇති ඉඩකඩ වැඩිය.

Sunday, November 28, 2010

ලංකාවේ සිටින කෙනෙක් හැටියට ලංකාවේ වෙසෙන සර්පයෙක් ගැන දැනගනිමු.

පොල්මල් කරවලා...........

ශී‍්‍ර ලංකාවේ සිටින සර්පයින් අතරේ ඉතාමත් අලංකාර සර්ප විශේෂයක් වේ. ශාක මත වාසය කරන මෙම සර්ප විශේෂය ඉතාමත් කඩිසර සර්ප විශේෂයක්ය. රවුම් කනනිකා පිහිටයි. හිිස සාපේක්ෂව පැතලි ස්භාවයක් ගන්නා අතර විශාල ඇස් පිහිටා තිබේ. ශරීරය සිහින් සිලින්ඩරාකාර හැඩයක් ගනී. වලිගය දිගු වන අතර පරිග‍්‍රහය ස්භාවයක් ගනී. කොරල මත කීල් එක දැක ගත හැක. පුෂ්ඨීය කොරල 17,19 උදරියේ කොරල 204,235 ිමඉ ජදර්ක් 116 සිට 138 ක් පමණ තිබේ. ශරීර වර්ණය පුෂ්ඨිය ක`ඵ පැහැය ගන්නා අතර එහි හරස් අතට කහ පැහැති පේලි දැක ගත හැක. තවද ශරීරය මධ්‍යයෙහි රතු පැහැති තිත් දැක ගත හැක ඉදිරිය ලා අලූ පැහැය ගන්නා අතර සමහර අවස්ථා වල කහ පැහැති තිත්ද දැක ගත. පොල් මලක හැඩයක් ගන්නා නිසා පොල් මල් කරවලා යනුවෙන් නම යෙදී ඇත.


    වාසස්ථාන  වසස්ථෘණ වන්නේ මොවුන් අඩි 04 සිට අඩි 60 ක් පමණ උස පොල් ගස් මතද වාර්ථා වේ. අමතරව කුඩා පදුරු වලද දැකිය හැකිය. මෙම සර්පයාට විශේෂ හැකියාවක් තිබේ උස ස්ථානයක සිට පහල ස්ථානයකට පා වීමේ හැකියාවක් තිබේ.
    
ශී‍්‍ර ලංකාවේ මෙවුන්ගේ ව්‍යාප්තිය තෙත් කාලාපයේ හා අතර මැදි කලාප වල දක්නට ලැබේ. මොවුන්ගේ බෝ වීම වන්නේ බිත්තර 06 සිට 17 දක්වා ප‍්‍රමාණයක් බිහි කරයි.