Thursday, May 19, 2011

තුරු හාල් දණ්ඩාගේ වග තුග දැනගනිමු ...............

 විද්යාත්මක නම -  Dendrelaphis tristis (Daudin, 1803)
ඉන්ගීි්රසි නම -    Common  Bronze-back


    මේ සර්පයා බොහෝ වෙලාවන් වලදී අපිට හමු වෙනවා. ඒක නිසා අපි මේ සර්පයා ගැනත් දැනගෙන ඉන්න එක හොදයි.
හදුනාගැනීම - හදුනාගන්න හරිම ලේසියි පැහැදිලි ගෙලක් තිඛෙනවා. සිහින් දිගැටි සිලින්ඩරාකාර දේහය. දිගැටිව තරමක් පැතලිව වූ හිස. කෙළවර පළල් වූ තරමක පැතලි වූ වටකුරු හොම්බ. වෘත්තාකාර කණිනිකාවක් සහිත විශාල ඇස් පිහිටනව. මුලූු දිගෙන් 3/1 වූ ග්රාහක වලිගය. බලන්න ඔබට පහතින් පෙනෙන්නෙ මේ තොරතුරු වලට සමාන තුරු හාල් දණ්ඩාය.
ඔබට බලාගන්න පූලුවන් මුගේ වාර්ණය තඹ මිශ්ර වූ දුඹුරු පැහැයක් ගන්නව. සමහර වෙලාවට දම් පැහැයත් දුඹුරු පැහය හො දම් පැහැයේ සිට දුඹුරු පැහැති වර්ණය දක්වා දිවෙන වර්ණ, එවැනි වර්ණ මුගේ ඇගේ දිස් වේ. වර්ණ ඌ ලැගුම් ගන්නා ස්ථානය අනුව වෙනස් වේ කෙසේ වෙතත් ඉහත වර්ණයන් අතර වර්ණයන් මිස වෙනත් වර්ණයන් මුට හිමි නැත. ඇස හරහා දිවෙන තද පැහැති පටික් ඇත.
තුරු හාල් දණ්ඩන්ගේ දිග -     බැලුවොත් එහෙම  උපතේදී මි.මි 150 ක් පමණය. වැඩුණු පසු මි.මි 700 - 900 අතර වේ.
හැසිරීම - දිවාචර වන අතර දිවා මැදියම් කාලයේදී සැරිසරයි. ඉතා කි්රයාශීලී වන අතර බොහෝ අවස්ථා වලදී හිස වනමින් සිටින අවස්ථා දැකිය හැක. තරමක් ප්රකෝපශීලී වන අතර සපා කෑමට තැත් කරයි. කලබල වූ විගසින් තම ශරීරය පුම්බා කොරපොතු අතර නිල් පැහැ සම පෙන්වයි.
බෝවිම -     වරකට බිත්තර 6-8 ත් අතර ප්රමාණයක් දමයි ඒවා තරමක් දිගැටි බිත්තර වේ. බොහෝ වේලාවන්හි ගස් මත තිඛෙන ඛෙන වල හෝ දිරාපත් වන කොල රොඩු යට බිත්තර දමයි.
ආහාර -    පධාන වශයෙන් ගෙම්බන් , හූනන් , කුඩා කටුස්සන්, පක්ෂීන්ගේ බිත්තර අහාරයට ගනියි. ඉතා තියුණු දෘශ්ඨීය හේතුවෙන් ඉතා පහසුවෙන් නොසෙල්වී සිිටින ගොදුරු දැහැගැනීමේ හැකියාවක් ඇත.
විෂ -
    නිර්විෂැතිය නමුත් තුවාල වන සේ සපා කෑමට හැකියාවක් ඇත. සපා කෑවොත් දින 03ක් හෝ 04ක් පමණ කාලයක් ඉදිමීී තිබීමේ හැකියාවක් තිඛෙනව.
හමු වන ප්රදේශ -
    පහතරට සහ මැදරට ප්රදේශ වලද, ගෙවල් ආශිතවද, වනාන්තර වලද හමු වීමට ඇති ඉඩකඩ වැඩිය.

No comments:

Post a Comment