Saturday, May 28, 2011

ගෙදරදී දකින ගෙයි ගෙම්බා .................

ලංකාවේ සිටින සුළභම ගෙබි විශේෂයක් වන මේ ගෙම්බාගේ විද්‍යාත්මක නම Bufo melanostictus. සිංහලෙන් අපි කියන්නේ ගෙයි ගෙම්බා කියල. සොයාගෙන තියෙන්නෙ 1799 දී Schneieider විසිනි. මෙම ගෙබි විශේෂය මනුෂ්‍ය වාසස්ථාන වල බොහෝ දක්නට ලැබේ.
 
හදුනා ගන්නේ.....
පෘෂ්ඨීයව මධ්‍යමව පිහිටන යුගල් වශයෙන් ඉන්න්ගෙන් සමන් විතයි. ඉන්නන්ගේ තුඩ හරිය කලූ පැහැයෙක් ගන්නා අතර බඩ හරියේ සිටින විශාල ඉන්නන් දුඹුරු හුරු කහ පැහැයක් දරනව. වැඩිහිටි පිරිමි සතුන් රත් පැහැයට හුරුය. උදරය හරිය ලා සුදු වර්ණයේ සිට ලා කහ පැහැය දක්වා විහිදෙනව. සමහර අවස්ථා වලදී දුඹුරු හෝ රතු පැහැය දක්වා වෙනස් වෙනව සමහර සතුන් දුඹුරු පැහැයෙන් පමණක් වර්ණවත් වෙනව. පැටවුන් පෘෂ්ඨීයව දුඹුරු පැහැති.
බෝ වීම කුඹුරු හා කෘථීම ජල තටාක වල කලූ පැහැති බිත්තර ජෙලි ආවරණයක් තුළ වැල් වශයෙන් දමයි ඒවා බොහෝ විට ජලජ ශාක මත තැම්පත් කරයි. ඉන් පසු ඉස්ගෙඩි අවස්ථාවේදී ඌගේ සිරුර කලූ පැහැයට හුරු දුඹුරු පැහැ වන අතර උදරීය පැත්ත ලා අලූ පැහැය දරයි.



No comments:

Post a Comment