Saturday, May 28, 2011

ලංකාවට ආවේණික පළා පොළග...............

මේ සර්පයාගේ විද්‍යාත්මක නම - Trimeresurus trigonocephalus
ඉංග්‍රීසි නම                                   - Sri lanka Green pit viper
    ලංකාවේ සිටින ලස්සනම සර්පයින් අතරින් එකෙක්. තවද ලංකාවේ ගස් මත ජීවත් වන එකම පොළොං විශේෂයද වේ. නිශාචර මෙන්ම දිවාචර හැසිරීම්ද දැකගත හැක. මෙම සර්පයා ගොඩාක් අලස සර්පයෙකි. උදෑසන කාලයේදී ගස් මත අව්ව තපී. කලබල වූ විට ඌ ඉන්නා අත්තේ දගර ගැසී වලිගය කෙලවර සොලවමින් සපා කෑමට තැත් කරයි. කලාතුරකින් පිඹින ශබ්දය නිකුත් කරයි. ශාක මත සිටිමටද, ගමන් කිරීමටද මෙම සර්පයාට අනගි සහයක් දෙන්නේ  පරිග්‍රහී නැට්ටය. තමන් ඉන්නා අත්ත මත නැට්ට ඔතාගෙන එයින් වෙර අරගෙන තමන් යන්න ඕනෙ  දිශාවට තල්ලූ වෙයි, තවද ගොදුරු දැහැගැනීමේදීද නැට්ට අත්ත මත ඔතාගෙන එයින් වෙර අරගෙන ඉදිරියට පැන තම ගොදුර දැහැ ගැනීම සිදු කරයි. පැහැදිලි ගෙලක් තිඛෙන අතර එයින්ද අතු අගිසි වල සිටියදී සමබරතාවය තබා ගැනීමේ හැකියාවක් ඇත.

හදුනා ගන්නේ කෙසේද?
    පෘෂ්ඨීයව දීප්තිමත් කොළ හෝ කහ මිශ්‍ර කොළ පැහැතිය. කලූ පැහැති සලකුණු ඇතැම් විට ශරීරය පුරා දැකිය හැක. තෙත් කලාපයේ හමු වන සර්පයින්ගේ මෙම සලකුණු වඩාත් පැහැදිලිව දිස් වේ. හිස දෙපස ඇස හරහා දිවැනෙ කලූ පැහැති පළල් පටියකි.
වරකට පැටවුන් 05 සිට 25 ක් දමයි උපතේදී මි.මි 200ත් 250ත් අතර වේ. වැඩුනු සතුන් මි.මි 600ත් 700ත් අතර වේ. මෙරරටට ආවේණික විශේෂයක් වේ. ඉතා ඉහල කදුකරයේ සහ අර්ධ ශෂ්ක කලාපයේ හැර අන් පදේශ වල ද තෙත් කලාපයේ ද වඩාත් සුළභව වගා බිම් ආශිතව ද හමු වේ. (මහනුවර, පේරාදෙනිය, ගල්ඔය, සිංරාජය, පුත්තලම, පොලෙන්නරුව හමු වේ)
විෂ -
    මද විෂැතිය. දෂඨන වාර්ථා වී තිබුනද එමගින් මරණ වාර්ථා වී නොමැති අතර දෂ්ඨ කළ ස්ථානය අවට දන කිහිපයක් තුරු දිය පට්ට මතු වීම හා ඉදිමුම, අසිපිය කඩා හැලීම අදාළ ප්‍රදේශයේ වසා ගැටිති ඉදිමීම විනි තත්වයන් වාර්ථා වේ.
ආහාර -
මීයන් ,ගෙම්බන්, කටුස්සන්
මේ සිංහරාජයේදී ලබා ගත් පොටෝ දෙකකි.

2 comments:

  1. හොඳයි පුතා දිගටම ලියපන්, මෙවා තමයි අපි අනිත් මිනිස්සුත් එක්ක බෙදා ගන්න ඕනෙ කරන දේවල්.

    ReplyDelete
  2. ප්‍රදීප් ඔයා තරුන සත්වවෙදීන්ගෙ සංගමය්..සාමාජිකයෙක් ද..?
    මොකද ඔයා වගෙ අය තමයි එකේ ඉන්ඩ ඔන...
    එකට සම්බන්ද වෙන්ඩ....

    ReplyDelete